වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන ගුරුවරුන්ගෙන් රතු එළියක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා 2024 අයවැයට ගොනුකර නොමැති නම් එළෙඹන ජාත්‍යන්තර ගුරු දිනය දා ගුරුවන්රුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළෙඹෙන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අද (26) දිනයේ මධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කර සිටියා.

එම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව ජාත්‍යන්තර ගුරු දිනය දා පැහැදිලි ප්‍රකාශයක් සිදුකරන බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

බොහෝ දුරට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය 2021 වසරේ ගුරුවරුන් සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ගයට එහා ගිය වෘත්තීය ක්‍රියාමාර්ගයක් විය හැකි බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?