වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය ගැන කල් තැබීමේ විවාදය 06 වනදා

පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 03 වනදා සිට 06 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබෙනවා.

ඒ, අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බව සඳහන්.

2023 ඔක්තෝබර් මස 03 වන අඟහරුවාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වෙනවා.

2023 ඔක්තෝබර් මස 04 වන බදාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයන් තුනක් (අංක 2336/72, 2338/54 සහ 2341/64 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් (අංක 2332/14, 2332/53, 2337/16 සහ 2340/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කළ) නියමයන් සහ ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වීමට නියමිතයි.

ඉන්පසුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබෙනවා.

2023 ඔක්තෝබර් මස 05 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග සහ නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග විවාදයටගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වෙනවා.

2023 ඔක්තෝබර් මස 06 වැනි සිකුරාදා පෙරවරු10.30 සිට පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව “ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59