වී වේලන යන්ත්‍ර 50ක් සමූපකාර සමිතිවලට බෙදා දෙන්න රජය සැරසෙයි

අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වී වේලීමට එල්ල වන බාධා සහ මහා මාර්ග අයිනේ වී වේලීමෙන් ගොවි ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ අනතුරු සැලකිල්ලට ගෙන දිනකට වී මෙට්‍රික් ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් වේලීමේ ධාරිතාවය සහිත නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර 50ක් දිවයින පුරා පිහිටි සමූපකාර සමිති වෙත ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙලෙස රදානය කිරීම නියමිතව ඇති වේලන යන්ත්‍රවල වටිනාකම රුපියල් මිලියන 10ක්.

නිසි ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරමින් වී වේලන යන්ත්‍ර අවශ්‍ය සමූපකාර සමිතිවලට මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.

මේ තුළින් ගොවීන්ට තම අස්වනු සමූපකාර වෙත අලෙවිකර ඉහළ මිලක් ලබා ගැනීමටත්, සමූපකාර සාමාජිකත්වය හිමි ගොවි ජනතාවට ඉතා පහසුවෙන් අදාළ වියලන යන්ත්‍ර භාවිත කර තම අස්වනු වියලා ගැනීමටත් අවස්ථාව සැලසෙනවා.

මේ අතර පසුගිය මහ කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බවත්, මෙම යල කන්නයේදී ද ගොවීන් විශාල වශයෙන් වී වගා කර තිබෙන බැවින් රට තුළ කිසිඳු සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය සතු සියලු ගබඩා වහා විවෘත කරමින් සතොස සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් මෙම යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් සාධාරණ මුදලකට මිලදී ගැනීම සදහා වන කටයුතු කඩිනම් කිරීම අරඹා ඇති බවත් එම අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දැන් ඉන්න හැටි කොහොමද? - "අවුරුදු 12කට කළින් කේස් එකකට ආවේ"මා පුතා කොහොමද ?"
01:33
Video thumbnail
"පිළියන්දල OICගේ මාමා මම..මම මොකටද පොලිසි යන්නේ"මිනිස්සු හ#පන්න ගිහින් තග දැම්ම අන්කල්
02:24
Video thumbnail
දෙයියන්ගේ හාල් කැවිලා මෙයාලට - කැමරාවක් දකිනකොට කට්ටියට මළ පනිනවා
04:03
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44
Video thumbnail
A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
01:49
Video thumbnail
මැදිරිගිරියේ ගොවින් ලාල්කාන්තගේ මළගම අරන් යයි - අපේ ලාලා මඩ කාලා මැ#ණා - දානේ හොරා
05:03
Video thumbnail
අධිකරණය ගැන ජනපතිට විශ්වාසයක් නැද්ද ?කිසිම රාජ්‍ය නායකයෙක් මෙච්චර බලපෑම් කළේ නෑ
06:41
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට - BREAKING NEWS
01:00
Video thumbnail
🔴Breaking News
01:20
Video thumbnail
තණමල්විල නිවසකට අලි කඩා පැනලා කරපු විනාශය - තාප්පයක් කඩාගෙන වී ටිකත් කාලා
01:52