වී වගාවට හානිකරන ‘ගොඩවෙල්ලා’ පණු විශේෂය ගැන කෘෂි අංශවලින් විශේෂ දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් පැළ ගොයමට හානි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ආනමඩුව හා දිඹුලාගල ප්‍රදේශවල මෙම රෝගය වාර්තා වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ සම්බන්ධව අවදානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වහාම එම රෝග පාලනය සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව අද දින (30) ආනමඩුව හා දිඹුලාගලට විශේෂ නිලධාරින් දෙදෙනෙක් සහිත කණ්ඩායමක් යවා මේ සම්බන්ධව පරීක්ෂා කිරීමට බතලගොඩ වී පර්යේෂණාතයතනය විසින් කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩවෙල්ලා නැමැති මෙම දළඹු විශේෂය පාලනය නොකළහොත් විශාල විනාශයක් වී වගාවට සිදුකරනු ලබනවා.

මේ හේතුවෙන් දිවයින පුරා නිලධාරින් 150කට අධික ප්‍රමාණයක් මෙම දළඹු විශේෂය පාලනය සඳහා පුහුණු කර ඇති අතර, ඔවුන් විසින් කෘෂිකර්ම ව්‍යාප්ති සේවා පවත්වාගෙන යනු ලබන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වුවද ආනමඩුව, කොට්ටුකච්චිය හා දිඹුලාගල ප්‍රදේශවල ඇතැම් කුඹුරුවල බහුල වශයෙන් මෙම දළඹුවන් බෝ වී සිටීම හේතුවෙන් තනුක කාමිනාශක කිහිපයක් ඒ සඳහා නිර්දේශ කර තිබෙනවා.

එම කෘමිනාශක පිළිබඳ තොරතුරු හා වෙනත් රෝග පාලන ක්‍රම තොරතුරු ප්‍රදේශය බාර කෘෂිකර්ම නිලධාරියා වෙතින් ලබා ගැනීමට හැකි බවයි දැනුම් දෙන්නේ.

ඊට අමතරව මෙම දළඹු විශේෂය පාලනය සඳහා විශේෂ ක්‍රම කිහිපයක් ද ඇත අතර, තම කුඹුරු වගාවන් හි මෙම දළඹු විශේෂය සිටින්නේ නම් වහාම කෘෂිකර්ම නිලධාරි කාර්යාලයට ගොස් අදාළ නිලධාරින් හමු වී රෝග පාලනය සඳහා උපදෙස් ලබාගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් විසින් මෙම හානිය සිදු කරනු ලබන අතර, Spodoptera mauritia, Spodoptera litiura, spodoptera exigua යන දළඹු විශේෂ තුන විසින් මෙම හානිය සිදු කරනවා.

ඔවුන් බාහිර ස්වරූපය අනුව සේනා දළඹුවාට Fall Armywarm සමානකමක් ගනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17