වීරවිල අනතුරකින් දින 11ක බිළිඳියක් නැතිවෙලා

වීරවිල පොලිස් වසමේ හම්බන්තොට – වීරවිල මාර්ගයේ තුරුසෙවණ ප්‍රදේශයේ දී ඊයේ (20) උදෑසන සිදු වූ රිය අනතුරකින් බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දින 11ක බිළිඳියක් බවයි පොලිසිය සඳහන් කළේ.

වීරවිල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ එකම පවුලේ මව,පියා, දරුවෙකු හා බිළිදියක් තුවාල ලබා තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී ප්‍රථිකාර ලබමින් සිටියදී බිළිදිය මෙලෙස මියගොස් තිබෙනවා.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වීරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?