AFC Banner
Empty Ad
Empty Ad

වීඩියෝ ගේම්ස්වලට ඉඩ නොදුන්නා’ යැයි දරුවෙකු සියදිවි නසාගෙන !

ජංගම දුරකථනය භාවිත කර; වීඩියෝ ක්‍රීඩා සිදු කිරීමට ඉඩ නොදීම හේතුවෙන් දරුවෙකු සිය දිවි හානිකරගෙන තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (15) රාත්‍රියේ දී සිදු ව ඇත්තේ යාපනය – අලවෙඩ්ඩි ප්‍රදේශයේ දී බවයි.

13 හැවිරිදි මර්වින් ඩයස් සින්දුජන් නමැති දරුවෙකු මෙලෙස සියදිවි හානිකරගෙන මියගොස් ඇති බවටයි අලවෙඩ්ඩි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් දසත වාර්තාකරු ඉලවාලෙයි පොලිසියෙන් සිදුකළ විමසීමක දී පොලිසිය පවසා ඇත්තේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි.

දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය – තෙලිප්පලෙයි රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?