විසිහය හැවිරිදි ශ්‍රී ලාංකීය වෛද්‍යවරිය තිරුෂිකා එංගලන්ත මුහුදේ ගිලී මියයයි

ශ‍්‍රී ලංකාවේ ඉපදුනු තරුණ වෛද්‍යවරියක වූ විසිහය හැවිරිදි තිරුෂිකා සත්‍යලිංගම් මෙනෙවිය එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්තයේ මාගේට් මුහුදු තීරයේ මිතුරු මිතුරියන් පිරිසක් සමග පිහිනමින් සිටියදී දියේ ගිලී මියගිය කනගාටුදායක පුවතක් පසුගියදා වාර්තා විය.

ඔවුන් පිහිනීමට ගොස් තිබුණේ සේවය අහවරවී රාත‍්‍රී කාලයේදීය. තිරුෂිකා නොමැති බව යහළුවන්ට තේරුම් ගොස් තිබුණේ ඔවුන් නැවත නවාතැනට ආ පසුවය. මුහුදු ජීවිතාරක්ෂකයින්, පොලීසිය, ගිනි නිවන හමුදා භටයින් සහ මුහුදු ආරක්ෂක හෙලිකොප්ටරයක් තිරුෂිකා සෙවීමට පටන් ගත්තේ පාන්දර තුනටය. ඔවුනට ඇගේ සිරුර හමුවී තිබුණේ පාන්දර 5.45ට පමණය.

ඇය සේවය කළේ මාගේට් හි එලිසබෙත් රැජින රෝහලේය. ඇයගේ පියාද එම රෝහලේම සේවය කර විශ‍්‍රාම ගිය වෛද්‍යවරයෙකි. ඇයගේ සහෝදරයාද එම රෝහලේම සේවය කරන වෛද්‍යවරයෙකි. ඇය කොවිඞ් 19 වැළඳුනු රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා වෙහෙස මහන්සිවී සේවය කළ අයෙකි.

ශ‍්‍රී ලංකාවේ ඉපදුනු ඇය එංගලන්තයට පැමිණීමෙන් පසු කුඩා කල ඉගෙනුම ලැබුවේ නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆර්ඞ් ප‍්‍රදේශයේදීය. ඇය වෛද්‍යවරියක වීමට ඉගෙන ගත්තේ ලැට්වියාවේ ‘‘රිගා ස්ට‍්‍රාඩින්ස්” සරසවියේය. එහිදී ඇයට ජර්මන් ජාතික තරුණයෙකුවූ පීටර් ස්පීල්බිච්ලර් මුණ ගැසී පෙමින් වෙළුණි. මෙම අවසනාවන්ත සිදුවීම සිදුවන විට ඔවුන්ගේ පෙමට වසර හයක් ගතවී තිබුණි.

ඇය නිවාඩුව ගත කළේ ශ‍්‍රී ලංකාවේ, ජර්මනියේ හෝ ලෝකයේ වෙනත් රටවල සංචාරය කරමිනි. සමාජ සේවයද ඇය ප‍්‍රිය කළාය. ශෝකය ප‍්‍රකාශ කිරීම සඳහා මල් රැගෙන එනවා වෙනුවට ඒවාට වැය කරන මුදල් ලන්ඩනයේ තිබෙන ශ‍්‍රී ලාංකික සමාජ සේවා ආයතනයක් වන ‘‘හෙළ සරණ” ට ලබාදෙන ලෙස පවුලේ ඥාතීන් ඉල්ලීමක් කර තිබුණි.

  1. ඒ කියන්නෙ එන්ගලන්තෙ උනත් මුහුදේ ගිලුනාම මැරෙනවා කියන එකයි . අපි හිතුවෙ එහෙම වෙන්නෙ ලන්කාවෙ විතරයි කියලා. ඇමරිකාවෙ ප්‍රංසයෙ ඉතාලියෙ කොහොමද දන්නෙ නෙහෙ ? ගිලුනාම මැරෙනවද කියාල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50