spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

අද (30) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළා.

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2022 නොවැම්බර් 15 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා.

2021 අංක 30 දරන විසර්ජන පනතේ දෙවන වගන්තියේ පළමුවන උප වගන්තියේ (ආ) ඡේදය මෙහිදී සංශෝධනය කරනු ලබන අතර එමඟින් රුපියල් බිලියන 3,844 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,507ක් දක්වා සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 42 දරන විසර්ජන (සංශෝධන) පනත ලෙස අද (30) සිට බලාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?