spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විසඳුම් නොලැබුනොත් සති 02ක් ඇතුළත බස් ගාස්තු වැඩිවීමක් (වීඩියෝ)

ඉල්ලීම්වලට විසඳුම් නොලැබුනොත් ඉදිරි සති 02 ඇතුළත බස් ගාස්තු 10% කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ එලෙස ගාස්තු සංශෝධනය සිදුවූවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35.00ක් දක්වා ඉහළ යන බවයි.

අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩිසල් රුපියල් 5 කින් වැඩිවීමත් සමඟ මේ වනවිට රුපියල් 22ක බලපෑමක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය වර සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී මිල ඉහළ යාමත් සමඟ රුපියල් 17ක පාඩුවක් බස් හිමියන් විසින් විඳදරා ගත් බව සභාපතිවරයා මෙහි දී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?