විශේෂ රැස්වීමේදී ආණ්ඩුව ගැන ජනපති ගත් තීරණය

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ඕනෑම අයෙකුට ආණ්ඩුව කරගෙන යාමට අවස්ථාව ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ. මන්ත්‍රිවරු මගින් ඉදිරිපත් කරන ජනතා ඉල්ලීම් ඉෂ්ට කරන බවද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේ. ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බව මන්ත්‍රිවරයකු මෙහිදී පැවසුවේ.

මෙම සාකච්ඡාවට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ අර්බුදකාරී තත්ත්වය තුළ වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. කිසිවකු බිය නොවන ලෙසද අගමැතිවරයා මන්ත්‍රිවරුන්ට දැනුම් දුන්නේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහභාගි වී ඇත්තේ මහින්ද අමරවීර, ශාන්ත බණ්ඩාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රිවරු පමණි.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මෙහිදී කිසිවක් ප්‍රකාශ කර නොමැති බව සඳහන්. ආණ්ඩුවට සහයෝගය ලබාදෙන දේශපාලන පක්ෂ එකොළහේ මන්ත්‍රිවරු වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රිවරු පහළොස්දෙනකු රැස්වීමට සහභාගි වී නැත. ​ඊට අමතරව මන්ත්‍රි නාමල් රාජපක්ෂද සාකච්ඡාවට සහභාගි නොවීය.

කෙසේ වෙතත් මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 138ක් පැමිණීමද විශේෂත්වයකි.

මීට අමතරව මන්ත්‍රිවරු පනස් දෙනකු අද (05) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයිද පැවැසේ. පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේන හා විමල් වීරවංශ අද විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04