විශේෂ මෙහෙයුමකින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නීතියේ රැහැනට හසුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (12) දින සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු තීරයේ නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම වැටලීම සිදු කර ඇත්තේ; යාපනය, චූණ්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී බවයි.

මෙම මෙහෙයුමෙන් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

අද අලුයම් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මගින් නිරීක්‍ෂණය කරමිනුයි මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉන්දීය ධීවරයින් 12 දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත්, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති බව ද වාර්තා වනවා.

මෙම මෙහෙයුමත් සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 66ක් සහ ඉන්දීය ධීවරයින් 497 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙන බවයි එම නාවික හමුදා මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08