වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක ලෙස මාරුකර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය සමිත ගිනිගේ පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වුණා.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් අවශ්‍ය තොරතුරු ලබා නොදනෙන බවට වසංගත රෝග විද්‍යා අංශයට චෝදනා එල්ල කර සිටියා.













