විශාල පිරිසක් හසු වූ වාහන මගඩියක සුලමුල හෙලිවේ

කුලීපදනමක් මත වාහන ලබාගෙන එම වාහන විකුණා මුදල් ගරන කල්ලියක එක් පුදගලයෙක් අත්අඩංගුවට ගත් බදුල්ල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙසේ වංචාසහගතව විකුණන ලද වෑන් රථ 3ක් සෙයාගෙන තිබේ

රුපියල්හැට දහසක මාසික කුලියක් ලබාදෙන බවට පෙරොන්දුවි සැකකරුවන් විසින් ලබාගත් රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා වෑන් රථයක් රුපියල් ලක්ෂ දහඅටහමාරකට ඉබ්බාගමුව මයිලගම ගොවි මහතෙකුට විකුනා තිබියදි සොයාගෙන තිබෙනවා

එම ගොවි මහතාට ගෙවා ඇත්තේ පොරොන්දුවූ මාසික කුලියෙන් එක් මාසයක කුලිය පමණක් බව විමර්ශන වලදී අනාවරණ වූ බව පොලිසිය සදහන් කළේය .

බදුල්ල ප්‍රදේශයෙන් තවත් වෑන්රථයක් මසකට රුපියල් හතලිස් දසහසක මුදලක් ලබාගෙන බව පවසා රැගෙන ගොස් ඇති අතර මාස කීපයකට පසු එය රුපියල් ලක්ෂ හතරහමාරක මුදලකට උගස්කර තිබියදී සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ .

මුලින්ම ලැබුනු පැමිණිල්ල අනුව තෙල්බැද්දවත්තේ හිමිකරුවෙකුගෙන් ඔහුගේ වෑන්රථය ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂයක මාසික කුලියක් ලබාදෙන බවට පොරොන්දුවෙමිනි .

ලක්ෂ 50 ක් වටිනා එම වෑන්රථය ලක්ෂ 38 කට විකුනා ඇති අතර වාහනයේ ලිසිං වරිකයය ගෙවීමට පැමිණි අවස්ථාවේදි හිමිකරුගේ සහාය ඇතිව සැකකරු කොටු කරගැනීමට පොලිසිය සමත්ව තිබේ

වෑන්රථ නරගයේ නවතා ඇති අවස්ථාවන්හි ඒවා වටේ කැරකී හිමිකරු හමුවී කුලි පදනමක් මත දෙනවා දැය විමසා මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවත් ලිසිං ගෙවා ගැනිමට නොහැකිව සිටින අය මෙම ජවාරම් කරුවන්ට රැවටී ඇති බවත් විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය පවසයි .

තවත් පැමිණිලි කීපයක් ලැබී ඇති අතර මෙම වංචාකරුවන්ට හසුවූ අය තවත් වෙත් නම් පොලිසියට පැමිණිලි කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම ජාවාරමට හවුල් අනෙක් සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන සිදුකෙරේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42