spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබු සිසුන්ට දැනුම්දීමක්

මෙවර විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරිම ලබන සතියේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.

ලියාපදිංචි කිරීම කොමිසමේ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කරයි

සති දෙකක් තුළ ලියාපදිංචි කිරීම අවසන් කිරිම සිදුවන අතර එම කටයුතු අවසන් කිරීමෙන් පසුව පුරප්පාඩු පවති නම් පාඨමාලා සඳහා අභියාචනා සලකා බලන බව සභාපතිවරයා පැවසීය

මෙවර විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූවන්ට සුදුසුකම් ලබා ඇති පාඨමාලා පිළිබඳ දැනටමත් දැනුත් කර තිබේ. ලියාපදිංචි කිරීම සිදුවන්නේ ඒ අනුවයි.

ලබන මාසයේ සිට ක්‍රමානුකූලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගන්නා බව සභාපතිවරයා පැවසීය. විශ්වවිද්‍යාල ප්‍රවේශ සදහා කඩයිම් දකුණු අනුව ජෛව විද්‍යා විෂය ධාරාව යටතේ 9749දෙනෙක් ද භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ 8020 දෙනෙක් ද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගෙන තිබේ.

වාණිජ විෂය ධාරාව යටතේ තෝරාගෙන ඇති සංඛ්‍යාව 7701කි.කලා විෂය ධාරාව යටතේ 11314 දෙනෙක් දඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ධාරාව යටතේ 2236 දෙනෙක්ද ඡෛව පද්ධති තාක්ෂණවේදය 1540 දෙනෙක් තෝරාගෙන තිබේ.වෙනත් විෂයාර යටතේ 665කි

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අනුව තමන් තේරී ඇති පාඨමාලාව අනුව කිසියම් ශිෂයෙකුට ගැටළුවක් ඇත්නම් මේ මස අවසානය දක්වා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාල ප්‍රවේශ පිළිබඳ නියෝජ්‍ය ලේකම් පැවසිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?