විශ්ව රූ රැජින තරගකාරියන්ගෙන් සංවිධායකයන්ට ලිංගික අතවර චෝදනාවක්

තමන්ට සංවිධායකයන්ගෙන් ලිංගික අතවර සිදුවූ බවට ඉන්දුනීසියාවේදී පැවති විශ්ව රූ රැජින තරගාවලියට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවන් පිරිසක් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 3 වනදා පැවති අවසන් මහා තරගයට දින කිහිපයකට පෙර තම සිරුරු පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා උඩුකය ඇඳුම් ඉවත් කරන ලෙසට තරගකාරියන්ගෙන් සංවිධායකවරුන් ඉල්ලා ඇති බවටයි ඔවුන්ගේ නීතිඥවරුන් ප්‍රකාශකර ඇත්තේ.

කෙසේවෙතත් සංවිධායකයින් සඳහන් කරන්නේ තමන්ට තරඟකාරියන්ගේ ශරීරයේ ඇති කැළැල්, සෙලියුලයිට් (cellulite) මෙන්ම පච්චා කොටා ඇති ද යන්න පරීක්ෂා කළ යුතුව තිබූ බවයි.

මෙමගින් තම අයිතිවාසිකම් කඩ වී ඇති බවට හැඟී යන බව තරඟකාරියන් චෝදනා කරනවා.

තමන්ට මෙමගින් මානසික බලපෑම් සිදු වූ අතර නිසි ලෙස නිදාගැනීමට හෝ නොහැකි වූ බවටයි ඔවුන් සඳහන් කළේ.

පැමිණිලි කළ තරඟකාරියන් තුන් දෙනෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙක් පැවසුවේ තවත් බොහෝ දෙනෙක් අදාළ චෝදනා කිරීමට ඉදිරිපත් වනු ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ජකර්තා අගනුවර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මිස් යුනිවර්ස් ඉන්දුනීසියානු සංවිධානය (Miss Universe Indonesia Organization) මෙම චෝදනා විමර්ශනය කරන බව එහි හිමිකරු ප්‍රසිද්ධ පොපි කැපෙල්ලා (Poppy Capella) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ගෝලීය විශ්ව රූ රැජින සංවිධානය ද කියා සිටියේ තමන් මේ පිළිබඳව සොයා බලන බවත් ලිංගික අපචාර චෝදනා ඉතා බැරෑරුම් ලෙස සලකන බවයි.

තම රට තුළ මෙවැනි ශරීර පරීක්ෂාවන් සාමාන්‍ය දෙයක් වන අතර, සාමාන්‍යයෙන් තරඟකරුවන්ට නිරුවත් වන ලෙස ඉල්ලා නොසිටින බවයි ඉන්දුනීසියාවේ හිටපු රූ රැජින මාරියා හර්ෆන්ටි (Maria Harfanti) පැවසුවේ. තරඟකරුවන්ගේ ශරීර පරීක්ෂා කිරීම සඳහා සංවිධායකයින් බොහෝ විට තරඟකරුවන්ගේ BMI හෝ ශරීර ස්කන්ධ දර්ශකය ඉල්ලා සිටින බව ද ඇය සඳහන් කර තිබෙනවා.

සඳුදා පැවති මාධ්‍ය හමුවේදී එක් තරඟකාරියක් කියා සිටියේ ශරීර පරීක්ෂාව සංවෘත කාමරයක සිදු කළ නමුත් පිරිමි පුද්ගලයන් ද එහි සිටි බවයි. අදාළ පරික්ෂාව සිදු වූ කාමරයේ දොර සම්පූර්ණයෙන්ම වසා නොතිබූ අතර, පිටත සිටින මිනිසුන්ට ද එහි සිදුවන දේ දැක ගැනීමට හැකි වූ බවයි ඇය තවදුරටත් හෙළිකර ඇත්තේ.

ඉන්දුනීසියාවේ මෙවැනි රූපලාවණ්‍ය තරඟ සඳහා බොහෝ කලක සිට අවසර දී ඇතත්, සමාජයේ විවිධ මත දරන සහ විවිධ ආගම් අදහන ජන කොටස්වලට සිත් රිදවීමක් සිදු නොවීමට සංවිධායකයින් සැලකිලිමත් වනවා.

මෙවර පැවැත්වුණේ එම විශ්ව රූ රැජින තරඟාවලියේ 73 වන අදියර වන අතර එය අග්නිදිග ආසියාවේ, විශේෂයෙන් ඉන්දුනීසියාව, පිලිපීනය සහ තායිලන්තය වැනි රටවල ඉතා ජනප්‍රිය තරඟාවලියක්.

එහි ජයග්‍රාහකයින් කීර්තිමත් පුද්ගලයින් සහ සමාජයට බලපෑම් කළ හැකි පුද්ගලයන් බවට පත් වනවා.

එහි හිමිකරු වන තායිලන්තයේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් සහ මාධ්‍ය අධිපතිනිය ද වන Anne Jakrajutatip, විවාහක කාන්තාවන්ට, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සහ තනිකඩ මව්වරුන්ට තරඟ කිරීමට ඉඩ දීමෙන් තරඟාවලියේ සන්නාමය සහ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26