විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන්ට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2022 ජනවාරි පළමුවන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස විශ්‍රාම යන නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විශ්‍රාම වැටුප් අයදුම්පත,විශ්‍රාම ගන්වන දිනට මාස තුනකට පෙර තම දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙසයි.

ඒ, අනුව විශ්‍රාම යන නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ විශ්‍රාම යන දිනටම කාර්යක්ෂමව ලබාදිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

2022-09-14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2022 අනුව රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 60 දක්වා අඩුකර තිබෙනවා.

a232dd00 306a 4248 8fb7 88c4e477acf1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?