විවිධ රස ගැන්වූ දුම්වැටි තොගයක් ගෙන ආ ගුවන් මගියෙකු අත්අඩංගුවට

විවිධ රස ගන්වන ලද විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ව මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (30) පෙරවරුවේ මෙම ගුවන් මගියා ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 597 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදියි රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ.

මෙම විදෙස් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් නව ලක්ෂ හැත්තෑ දහසක් වටිනාකමක් ඇති බවත් වාර්තා වනවා.

සැකකරු හලාවත, ජයබිම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි, ගුවන් මගින් භාණ්ඩ මෙරටට රැගෙනවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙක්.

ඔහු විසින් රැගෙන එන ලද ගමන් මළු 03ක විවිධ රස ගන්වන ලද “මැන්චෙස්ටර්” සහ ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 39,800ක අඩංගු දුම්වැටි කාටූන් 199ක් සඟවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම ව්‍යාපාරිකයා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56