spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාදයට ජාතික ජන බලවේගයේ නායකයා දින දෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සම්බන්දව ජාතික ජන බලවේගය මගින් සජබයට ලිපියක් මගින් දැනුම්දිමක් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය මගින් ඉදිරිපත්කල ලිපිය පහතින්,

රංජිත් මද්දුමබණ්ඩාර මහතා
මහලේකම්
සමගි ජන බලවේගය
592, කෝට්ටේ පාර,
කෝට්ටේ.

මහත්මයාණෙනි,

විවාදය සඳහා දින නියම කර ගැනීම පිළිබඳවයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නිශ්චිත දින නියම වීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර මේ සම්බන්ධව නිවැරදි නොවන අදහස් මතු වීමේ ඉඩක් තිබේ.

ඒ අනුව අප විසින් මීට ඉහතදීද යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදය 2024 වර්ෂයේ එළඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට නියමිත ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් දෙදෙනා අතර පැවැත්විය යුතු බව අපි අවධාරණය කර ඇත්තෙමු. අප පක්ෂය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊට සහභාගි වනු ඇත.

එම විවාදය සඳහා 2024 මැයි මාසයේ 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට අපි සූදානම්ව සිටිමු. මේ සම්බන්ධව ඔබ පක්ෂයේ සූදානමට අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව, විවාදයේ කාලසීමාව, ස්ථානය සහ විකාශනය වන නාලිකාව අපට පසුව සාකච්ඡා කර ගත හැකිය.

එසේම යම් හෙයකින් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.

වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?