විල්පත්තු අභය භූමිය හරහා අධිවේගී මාර්ගයක් හදන්නේ නෑ – නීතිපති දැනුම්දෙයි

විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදු කරන ලද බවයි.

එහිදී අදාළ අධිවේගී මාර්ගය ඉදිනොකරන බවට රජයේ පාර්ශය විසින් දැනුම්දීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමතයට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ එකඟ වුණා.

කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් කෙරුණා.

ඒ අනුව මෙම සමථය සටහන් කරගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට ද තීන්දු කළා.

මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සංවිධානය සඳහන් කර තිබුණේ විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වන බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබුණු බවයි.

එවැනි අධිවේගී මාර්ගයක් ඉදි කළහොත් එය හරහා අභයභූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන ආතර වන සතුන්ට ද අනතුරු සිදුවිය හැකි බව පෙත්සමින් පෙන්වා දී තිබුණා.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17