විල්ගමුව පොලිසියෙන් T-56ක් ඉස්සූ සැකකරු අත්අඩංගුවට

මාතලේ – විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී-56 වර්ගයේ ගිනි අවිය සොරාගත් බවට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවේ වසර 11ක් පමණ සේවයේ නියුතුව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු අරලගංවිල, කජුවත්ත ප්‍රදේශයේ ඥාති නිවසක බිරිඳ සහ දරු තිදෙනා සමඟ සැඟවී සිටිය දී ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු යාය 10, නුගගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මොහු විසින් සොරාගත් බව කියන ටී-56 වර්ගයේ ගිනි අවිය නුගගොල්ල ප්‍රදේශයේ බුදු පිළිමයක් අසළ දමා ගොස් තිබිය දී පොලිසිය විසින් ඊයේ සොයාගත්තා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (25) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්