විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

කොටුව දුම්රිය පොළ දක්වා පා සංවිධාන කර ඇති පා ගමනක් වළක්වමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මරදාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

පාගොඩ විජිතවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, තරිඳු අමිල උඩුවරගෙදර ඇතුලු 11 දෙනකු සහ ඔවුන් සමග සහභාගී වන නියෝජිතයන් සියලුදෙනා වෙතට මෙම අධිකරණ ආඥාව නිකුත් කර තිබෙනවා.

එය කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට ද ආඥාව මගින් දැනුම්දී තිබෙනවා.

Maligakanda Court order