විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික රෝහල් පරිශ්‍රයේ අද පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මරදාන පොලිසිය විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

පොලිසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ විරෝධතාකරුවන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික රෝහල් පරිශ්‍රය අසල මාර්ගයේ රැස්වී මාර්ගය අවහිර කරමින්, අට්ටාල ඉදි කරමින් විරෝධතා පැවැත්වීමට සාකච්ඡා කර ඇති බවටයි.

සෞඛ්‍ය අමාත්‍යංශය අසල පදික වේදිකාව සහ මාර්ගය අවහිර වන ලෙසට අට්ටාල ඉදි කරමින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් සිදු කිරීමට නියමිතව ඇති අතර අමාත්‍යංශය තුළට ඇතුලුවීමේ අවදානමක් ද ඇති බවටයි පොලිසිය ප්‍රකාශකර ඇත්තේ.

මේ හේතුවෙන් මාර්ගවල ගමනාගමනය අවහිර වන පරිදි වාහනවලට සහ මහ ජනතාවට බාධාකාරී වන ලෙසට ප්‍රධාන මාර්ගයේ මංතීර ැසියල්ල සහ පදික වේදිකාවන් ද අවහිර කරමින්, මාර්ගය භාවිත කිරීම මහජනතාවට මෙන්ම ආශ්‍රිත ප්‍රධාන රජයේ රෝහල්වල සේවය ලබා ගැනීමට පැමිණෙන සහ සේවය කරන අයට පීඩාවක් අවහිරයක් බාධාවක් ඇතිවන පරිදි ක්‍රියාකරනු ඇති බවටයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවක් බිඳ වැටීමේ අවදානමක් ඇති බවට මරදාන පොලිස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරු මත මෙම විරෝධතාව තහනම් කරන ලෙසටත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ සිදු කෙරෙන උද්ඝෝෂණ සහ පෙළපාලි අද උදෑසන 8.30 සිට හෙට උදෑසන 8.30 දක්වා තහනම් කිරීමට නියෝග කරමින් සමස්ථ ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ සභාපති පී. ඒ. ශාන්ත රොශාන් පෙරේරා සහ එම සංගමයේ ලේකම් බී. ඒ. සුරංග දර්ශන ඇතුලු සංගමයේ සාමාජිකයන් 13 දෙනෙකුට සහ ඔවුන් සමග සහභාගී වන වෙනත් පුද්ගලයන් වෙත අධිකරණය මෙම ආඥාව නිකුත් කර තිබෙනවා.

උද්ඝෝෂණයක් හෝ පෙළපාලියක් පැවැත්වුව හොත් රටෙහි ප්‍රධාන රෝහල ලෙස සැලකිය හැකි කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ හෘද රෝහල මරදාන ප්‍රධාන රෝහල් පරිශ්‍ර ප්‍රදේශයේ පිහිටා ඇති අතර එකී ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය අමාත්‍යංශය ද පිහිටා ඇති බැවින් එම මාර්ග සහ පදික වේදිකාව උද්ඝෝෂකයන් විසින් බාධා වන පරිදි භාවිත කිරීම වැළැක්වීම සඳහායි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මෙම ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට ද දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14