වියරු වැටුණු අපරාධකරුවන් අවසන් රංගනයන්වල යෙදෙනවා – පොලිස්පති (වීඩියෝ)

‘යුක්තිය’ මෙහෙයුම යට‍තේ පාතාලය සහ මත්ද්‍රව්‍ය මරධනය කරමින් සිටින පසුබිමක වියරු වැටුණු අපරාධකරුවන් යම් යම් අවසන් රංගනයන් හි නියැලී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පොලිපතිවරයා මේ බව සඳහන් කළේ මුල්ලේරියාව පොලිස් ස්ථානයේ ඉදිකරන ලද නව කාන්තා භට නේවාසිකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (13) පෙරවරුවේ එක්වෙමින්.

රාජකාරි සිදුකරනු ලබන නිලධාරීන්ට මරණ තර්ජනය කරමින් බියවැද්දවීම් සිදුකළ ද පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඬලීම නතර නොකරන බවයි පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්