මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of World Affairs-ICWA) දේශනයක් පවත්වනු ලැබුවා.
එහි දී විපක්ෂ නායකවරයා විසින් ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවේ ඓතිහාසික හා පරිණාමය වෙමින් පවතින භූමිකාව අගය කර තිබෙනවා.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු ශිෂ්ටාචාරමය සහ ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා නැවත වරක් තහවුරු කළ අතර, ඉන්දියානු සාගරය සාමයේ සහ සහයෝගීතාවයේ කලාපයක් ලෙස ආරක්ෂා කිරීමේ හවුල්වගකීම ද අවධාරණය කළා.
විශේෂයෙන් විදුලි වාහන සහ සැපයුම් ක්ෂේත්‍රයන්හි ඉන්දියාවේ කාර්මික හා තාක්ෂණික මුලපිරීම් සමඟ එකතුවීමට ශ්‍රී ලංකාව දක්වන කැමැත්ත ද විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබෙනවා.





