විපක්ෂයේ පිරිසක් මැතිවරණ කොමිසමට ලියයි – අනිද්දා එන බවත් දන්වයි

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 20 වනදාට පෙර පැවැත්වීමට දිනයක් නියම කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ නියෝජිතයින් අඟහරුවාදා (07) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් හමුවීමට පැමිණෙන බවයි.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික ජනබලවේගයේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු දමිළ පක්ෂවල නියෝජිතයින් අත්සන් කර තිබෙනවා.

මේ අතර ජාතික ජනබලවේගය ද මැතිවරණ කොමිෂන් සභාව වෙත වෙනම ලිපියක් යොමුකරමින් මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මනින් දිනයක් නියම කරන ලෙස දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14