විපක්ෂයේ නුගේගොඩ රැළියට හිටපු ජනාධිපතිවරුන් නැහැ (වීඩියෝ)

විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් එකව නුගේගොඩ දී සංවිධානය කරන විරෝධතා රැළියට හිටපු ජනාධිපතිවරු කිසිවෙක් සහභාගී කර නොගැනීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී එහි ලේකම් සාගර කාරියවසම් මේ බව සඳහන් කළා.

විපක්ෂයේ පිරිසක් එක්ව නොවැම්බර් 21 වනදා මෙම විරෝධතා රැළිය සංවිධානය කර තිබෙනවා.