විදේශ සහ අධිකරණ ඇමතිවරුන් දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මැතිනියගේ ඇරයුමකට අනුවයි මෙම සංචාරය සිදු කෙරෙන්නේ.

මෙම සංචාරය, දේශීය යාන්ත්‍රණ හරහා ප්‍රතිසන්ධාන කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව දැක්වෙන ප්‍රතිපත්තිය සහ ඒ පිළිබඳව ජාත්‍යන්තර සංසද හමුවේ සිදු කර ඇති ප්‍රකාශ සමඟ අනුකූල බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙම පසුබිම තුළ ප්‍රතිසන්ධානය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් යෝජනා කරන ලද සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සංකල්පය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

එම අනුකමිටුවේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා යි.

මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳව සාකච්ඡා පවත්වා සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ නීතියක් කෙටුම්පත් කිරීමට පහසුකම් සැලසීමටත් විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩලය විසින් බලය පවරනු ලැබුවා.

මෙම ක්‍රියාවලියට සහය දැක්වීමේ අරමුණ සහිත දකුණු අප්‍රිකානු රජය, දකුණු අප්‍රිකාව සිය සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ දී ලද අත්දැකීම් සම්බන්ධයෙන් අවබෝධය ලබා දීම සඳහායි දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාට ඇරයුම් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42