විදෙස් රැකියා සිහින පෙන්වූ කතක් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් අය කළ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට විශේෂ විමර්ශන අංශයට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.මාතලේ, උකුවෙල, ඇල්වල, අංක 51/9 ලිපිනයේ “හෙර්ස් ජොබ්” නමින් පවත්වාගෙන ගිය මෙම ඒජන්සි ආයතනය වටලා ඇති අතර එම ආයතනය පවත්වාගෙන ගිය කාන්තාවක විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 53ක්, රැකියා අයදුම්පත් 26ක්, මුදල් ලබාදුන් බවට සඳහන් රිසිට්පත් ඇතුළු තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාව විදෙස් රැකියා ලබා දෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් රුපියල් .4,848,000.00 ක මුදලක් ලබාගෙන ඇති බව ට අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08