විදෙස් කාන්තාවක් ලෙස පෙනී සිට කළ මහා පරිමාන වංචාව

අන්තර්ජාලයේ පළ කර තිබූ ඉඩම් දැන්වීමකට අනුව එය මිලදී ගන්නා මුවාවෙන් කාන්තාවක් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් ඇමරිකානු ජාතික හමුදා කාන්තාවක් ලෙස වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඉඩම් හිමි කාන්තාව සූක්ෂම ලෙස රවටා ඇයගෙන් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වංචා කර කෝටි දෙකක ඩොලර් නෝට්ටු යැයි පවසා කළු පැහැති කොළ අඩංගු තහඩු පෙට්ටියක් ඇය වෙත ලබාදී ඇති බවටයි ඉංගිරිය පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

එම විදේශීය කාන්තාව ඇමරිකාවේ සිට එවන ලද ඩොලර් නෝට්ටු බව පවසමින් කාන්තාව වෙත ලබා දී තිබූ වසා දමන ලද තහඩු පෙට්ටිය ද පැමිණිලිකාරිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඉංගිරිය, ශාන්ත පීතර ජනපදයේ පිහිටි ඉඩමක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට ඇති බව පවසා හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම කාන්තාව පසුගිය පෙබරවාරි මස 12 වැනි දින අන්තර්ජාලයේ වෙළඳ දැන්වීමක් පළකර තිබූ බව සඳහන්.

පසුගිය 7 වෙනි දින එම ඉඩම මිලදී ගැනීමට කැමති බව පවසමින් තමන් ඇමරිකානු ජාතික කාන්තාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවක් කෙටි පණිවිඩ ඔස්සේ පැමිණිලිකාරියට කතා කර ඇති අතර, අනතුරුව විදේශීය කාන්තාව ලබාදුන් විද්‍යුත් ලිපිනයක් ඔස්සේ ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගෙන තිබූ බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

පසුව විදේශීය කාන්තාව ගේ පියා ලෙස හඳුන්වා දුන් පුද්ගලයෙක් ද පැමිණිලිකාරිය හා අදහස් හුවමාරු කරගෙන තිබූ අතර පැමිණිලිකාරියට ඉංග්‍රීසි හැසිරවීම අපහසු බැවින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ කෙටි පණිවිඩ මගින් තොරතුරු හුවමාරු කරගෙන තිබුණා.

පසුගිය 9 වනදා විදේශීය කාන්තාව ගේ පියා ලෙස හඳුන්වා දුන් පුද්ගලයා පැමිණිලිකාරිය වෙත කෙටි පණිවිඩයක් එවමින් ප්‍රකාශ කර ඇත්තේ ඉඩම මිලදී ගැනීම සඳහා කූරියර් සේවාව ඔස්සේ මුදල් එවන බවයි. ඊට පසු දින මුදල් රැගෙන එන තැනැත්තා හමු වූයේ ද යන්න පිළිබඳ කෙටි පණිවිඩයක් මගින් විමසා ඇතැයි සඳහන්.

එදිනම දහවල් අපහැදිලි සිංහලෙන් මුදල් රැගෙන එන බව පැමිණිලිකාරියට පවසා ඇති අතර ඒ බව විදේශීය කාන්තාවගේ පියා බවට හඳුන්වා දුන් පුද්ගලයාට කෙටි පණිවිඩයක් මගින් දැනුම්දීමට මෙම කාන්තාව කටයුතු කර තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා පැමිණිලිකාරියට කෙටි පණිවිඩයක් එවමින් සඳහන් කර ඇත්තේ මුදල් නිවසට එන තෙක් සියලු ගෙවීම් තම දුව විසින් ඩොලර්වලින් ගෙවා ඇති බවයි.

ඉඩම සඳහා ලබා දීමට තිබෙන මුදල් ගුවන්තොටුපලෙන් නිදහස් කරගැනීමට රුපියල්වලින් ගෙවීම් කළ යුතු බව පවසමින් රුපියල් එක් ලක්ෂ දස දහසක මුදලක් පෞද්ගලික බැංකුවක තැන්පත් කරන ලෙසට ගුවන් තොටුපොලේ සේවකයෙකු ලෙස කතා කළ තැනැත්තෙකු මෙම කාන්තාවට ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම තවත් පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයක් ලබාදී එහි රුපියල් 378,000ක් තැන්පත් කරන ලෙසට සහ තවත් පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයක් ලබාදී 432,000ක මුදලක් තැන්පත් කරන ලෙසත් දැනුම් දී ඇතැයි සඳහන්.

ඉන් රුපියල් 332,000ක් බැංකුවේ තැන්පත් කර ඉතිරි රුපියල් ලක්ෂයක මුදල, මුදල් රැගෙන එන තැනැත්තාට නිවසට පැමිණි පසුව ලබා දෙන ලෙසත් දුරකථනයෙන් පවසා තිබූ බව පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

ඒ අනුව එදින රුපියල් 920,000ක මුදලක් පැමිණිලිකාරිය විසින් වරින් වර ගිණුම් ගත කළ බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ඒ අනුව පසුගිය 11 වෙනි දින ප්‍රසිද්ධ කුලී සමාගමකට අයත් සුඛෝපභෝගී මෝටර් රථයකින් කළු ජාතිකයෙකුට සමාන පුද්ගලයෙක් රතු පැහැති ගමන් බෑගයක් රැගෙන පැමිණිලිකාරිය ගේ නිවසට පැමිණීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දී තිබෙනවා.

නිවසට පැමිණි පුද්ගලයා රැගෙන එන ලද රතු පාට ගමන් බෑගය තුළ වූ තහඩු පෙට්ටියක් පරිගණක මෘදුකාංග ඔස්සේ විවෘත කර පැමිණිලිකාරියට පෙන්වා ඇති අතර ඒ තුළ කළු පැහැති කොළ තොගයක් තිබී ඇතැයි සඳහන්.

එම බන්ඩලවලින් කොළ දෙකක් පමණක් එම තැනැත්තා විසින් පිටතට ගෙන ඔහු සතුව තිබූ රසායනික ද්‍රව්‍ය එම කොළ මතට දමා උණුවතුරෙන් සෝදා අනතුරුව ජෙල් වර්ගයක් වැනි යමක් එම කොළ දෙකට දමා ඇල් වතුරෙන් සේදීමේ දී පළමු අවස්ථාවේදී ඩොලර් නෝට්ටුව මතුවී ඇති අතර, දෙවන අවස්ථාවේදී නෝට්ටුවල සඳහන් සලකුණු ඉර මතුවී තිබෙනවා.

එම නෝට්ටු දෙකම ඩොලර් 100ක වටිනාකමින් යුතු ඒවා බවටයි සඳහන්ව තිබී ඇත්තේ.

ඉතිරි නෝට්ටු සියල්ලම මෙලෙස සෝදා ගත යුතු අතර එම පෙට්ටිය තුළ ඇමෙරිකානු ඩොලර් කෝටි දෙකක වටිනාකමින් යුත් මුදල් ඇති බවත් ඒවා පිරිසුදු කර දීමට රුපියල් හැටපන් ලක්ෂයක මුදලක් අවශ්‍ය බවත් පැමිණි පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

එම මුදල් සූදානම් කරගෙන දැනුම් දෙන ලෙස පවසා මුදල් නෝට්ටු අඩංගු තහඩු පෙට්ටිය එම පුද්ගලයා අත තිබූ යතුරෙන් වසා දමා එම පෙට්ටිය පැමිණිලිකාරිය අතට ලබාදී පිටව ගොස් ඇතැයි සඳහන්.

පසුදින පැමිණිලිකාරියගේ දුරකථනයට කෙටි පණිවිඩයක් එවමින් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් කොළඹ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටින අතර එහි බිල වශයෙන් රුපියල් ලක්ෂයකට අධික මුදලක් ගෙවීමට ඇති බවයි. එම මුදල ගිණුම් ගත කරන ලෙසට ඇයට ප්‍රකාශ කර ඇති අතර පසුව පැමිණ ඩොලර් නෝට්ටු සකස් කර දී ඉඩමේ ගනුදෙනුව අවසන් කරන බව පවසා ඇතැයි සඳහන්.

අනතුරුව ඒ පිළිබඳ ඇති වූ සැකයක් මතයි ඉඩම් හිමි මෙම කාන්තාව පැමිණිල්ල සිදුකර ඇත්තේ.

පැමිණිලිකාරිය ගේ නිවසට පැමිණි නාඳුනන පුද්ගලයා ලබාදුන් තහඩු පෙට්ටිය ඉංගිරිය පොලිසියේ නිලධාරීන් පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් එක්ව විවෘත කර පරික්ෂා කිරීමේදී කළු ඩිමයි කොළ බන්ඩල විස්සක්, පුලුන් මත පවුඩර් දමා එහි තැන්පත් කර තිබියදී හමුවී ඇතැයි සඳහන්.

ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15