Empty Ad
AFC Banner
Empty Ad

විදුලි සැර වැදී පෙදරේරුවන් තිදෙනෙක් මරුට (ඡායාරූප)

යකඩ පලංචියක් මත සිටි පෙදරේරුවන් සිව්දෙනෙකුට විදුලි සැර වැදීමෙන් සිදු වූ අනතුරකින් පෙදරේරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නොරචෝලේ පොලීසිය සඳහන් කළේ මෙම පෙදරේරුවන් සිව්දෙනා ඊයේ (29) පස්වරු 7.00ට පමණ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම – මන්නාරම පාර පදිංචිව වයස අවුරුදු 29,22 සහ 19 යන වයස්වල පසු වූ පෙදරේරුවන් තිදෙනෙක්.

නොරචෝලේ, මාම්පූරිය මංසන්ධියේ අලුතින් ඉදිකරන හෝටලයක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටිය දී මොවුන් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඉදිකිරීම් කටයුතු සඳහා යකඩ පලංචියක් මත සිටි සිව්දෙනාට එක්වරම විදුලිය සැර වැදී ඇති අතර, ඔවුන්ට විදුලිය සැර වැදී ඇත්තේ යකඩ පලංචියට විදුලිය කාන්දුවීමක් හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට ලක් වූ පෙදරේරුවන් සිව්දෙනා එම අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් තිදෙනෙක් මියගොස් ඇති බව සඳහන්.

අනෙක් පෙදරේරුවාගේ තත්ත්වය ද බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

නොරචෝලේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

ELECTRIC SHOCK PO 6
ELECTRIC SHOCK PO 7
ELECTRIC SHOCK PO 1
ELECTRIC SHOCK PO 3
ELECTRIC SHOCK PO 4
ELECTRIC SHOCK PO 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
8
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?