spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි සැර වැදීමෙන් වන අලියෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

පොළොන්නරුව මීගස්වැව, මයිලගස් හන්දිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

අද උදෑසන 5.30ට පමණ වන අලියාට විදුලිසැර වැදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට අදාළව වන අලියා මියගොස් සිටි ඉඩමේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් අනවසරයෙන් අදිනු ලැබූ විදුලි රැහැනක ගැටීනේ වන අලියා මියගොස් ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අඩි 7 ක පමණ උසකින් යුත් අවුරුදු 35ක් පමණ වන පිරිමි සත්වයෙක්.

මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ මීගස්වැව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?