spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල යලිත් වැඩි කිරිමට එරෙහිව උද්ඝෝෂණයක

විදුලි බිල වැඩි කර මාස තුනකින් පසු යලිත් විදුලි ඒකකයක් යලිත් රු 56 ක් දක්වා ඉහල දැමිමට විදුලි බල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය (11) දින තලවකැලේ ලිදුල මෙරායා නගරයේදි වතු කම්කරුවන්ද සහභාගි කර ගනිමින් උද්ඝෝෂණයක් නිරත විය.

එම සංගමයේ ලේකම් සංජිව ධම්මික මහතා මෙම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ විදුලි බල මණ්ඩලය වාර්ෂිකව විශාල ලාභයක් උපයන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණය කර සිටියදි විදුලි බල අමාත්‍යවරයා යලිත් විදුලි ඒකකයක් රු 56 ක් දක්වා වැඩි කිරිමට යෝජනා කර ඇති බවයි.

වතු කම්කරුවන්ට භුමිතෙල් මිල දි ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත්, වත්මන් රජය වතු කම්කරුවන්ට පොරොන්දු වු කිසිවක් මේ වන තෙක් ලබාදිමට පියවර ගෙන නොමැති බවයි.

තවද වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමට පියවර නොගෙන ඔහුන් භාවිතා කරන විදුලියට විශාල මුදලක් අයකිරිම නිසා එම ජනතාව ඇතුළු සමස්ත රටේ විදුලි පාරිභෝගිකයන්ට විදුලි බිල දරාගත නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි.

යලිත් විදුලි ඒකකය මිල වැඩි කලහොත් එම බිල්පත් විදුලි බල මණ්ඩලයට නොගෙවා සිටිමට කටයුතු කරන බවත්, පවත්නා තත්ත්වය මත විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනි සිටින මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කර එම කොමිසම අහෝසි කිරිමට රටේ පාලකයින් පියවර ගනිමින් සිටින බවයි.

එම තත්ත්වය මත විදුලි පාරිභෝගිකයන්ට වදින්නට තිබෙන දේවාලය මහජන උපයෝගිතා කොමිසම බවත්, එයද අහොසි කිරිම තුලින් විදුලි පාරිභෝගිකයාට දැඩි අසාධාරණයක් වන බවයි.

බොරතෙල් වලින් සහ ගල් අගුරු වලින් විශාග කොමිස් මුදලක් ලබා ගැනිමට  අමාත්‍යවරයා ඇතුළු විදුලි බල මණ්ඩලයේ නිලධාරින් කටයුතු කරමින් සිටින බවත්, එය පාරිභෝගිකයන් පිට පැටවිමට තම සංගමය කිසිසෙත් ඉඩ ලබා නොදන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි එම සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

දිවයින පුරා විවිධ නගර සහ පළාත්වලට ගොස් විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරිමට පියවර ගන්නා බවද විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජිව ධම්මික මහතා මෙම උද්ඝෝෂණයේදි වැඩිදුරටත් පැවසිය.

මෙම උද්ඝෝෂණයට එම සංගමයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සමස්ත ලංකා වෘත්තිය සමිති කොන්ග්‍රසයේ ලේකම් අම්මාසි නල්ලුසාමි මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?