spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල්පත වෙනුවට කෙටි පණිවුඩයක්

ලබන 2023 වසරේ ජනවාරි මාසයේ සිට විදුලි පාරිභෝගිකයන්ට විදුලි බිල්පත වෙනුවට දුරකථනයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් බිල්පත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන් විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය මේවන විට යාවත්කාලීන කරමින් පවතින බවයි.

ජනවාරි මාසයේ සිට විදුලි බිල්පත දුරකතනයට යොමු කිරීමේ වැඩසටහන කොළඹ ද ඇතුලු නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ 2023 වසරේ ජනවාරි මාසයේ සිට යළිත් විදුලි බිල සංශෝධනයක් සිදු කරන බවයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළ දැමීමට පියවර ගන්නා බවයි ඔහු කියාසිටියේ.

මෙම ගාස්තු සංශෝධනයට අවශ්‍ය නීතිමය බලය ලැබී ඇති අතර එය නීතිපතිවරයා විසින් ද තහවුරු කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

විදුලි බිල වැඩි විය යුතු ආකාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ලබන සතිය වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කරනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට විදුලිබිල වැඩි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?