විදුලි කප්පාදුව පිලිබඳ නවතම අනාවරණය

අද (05) සිට විදුලි කප්පාදුව අවම කරන බවට රජය විසින් ප්‍රතිඥා දී ඇති බැවින්, ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව විදුලිය විසන්ධි වීමක් සිදු නොවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ, දැනට පවතින තත්ත්වය අනුව විදුලි කප්පාදුව යම් තරමකින් හෝ අවම මට්ටමකට පත්විය යුතු බවයි.

මේ අතර, සුපුරුදු පරිදි අද (05) දිනයේ දී ත් විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව ඊයේ (04) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා.

ඒ අනුව මෙම සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙම කොමිසම විසින් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව අද දිනයේදී P,Q,R,S,T,U,V,W යන කලාපවලට පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති බවටයි ඊයේ නිවේදනය කළේ.

ඒ උදෑසන 8.30සිට පස්වරු 5.30 අතර කාලය තුළ පැය 3ක කාලයක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා වන කාලය තුළ පැයක් වශයෙන්.

එමෙන්ම E,F යන කලාපවලට පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4ක් වශයෙන් සහ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3ක කාලයක් වශයෙන්.

හෙට (06) දිනයේ පැය 2.30ක කාලයක් උදෑසන 9 සිට සවස 4.30 දක්වා කාලය අතර විදුලි කප්පාදුවක් සිදුවන්නේ A,B,C යන කලාප තුනට පමණයි.

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන කාලසටහන මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?