විදුලි කප්පාදුව පිලිබඳ නවතම අනාවරණය

අද (05) සිට විදුලි කප්පාදුව අවම කරන බවට රජය විසින් ප්‍රතිඥා දී ඇති බැවින්, ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව විදුලිය විසන්ධි වීමක් සිදු නොවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ, දැනට පවතින තත්ත්වය අනුව විදුලි කප්පාදුව යම් තරමකින් හෝ අවම මට්ටමකට පත්විය යුතු බවයි.

මේ අතර, සුපුරුදු පරිදි අද (05) දිනයේ දී ත් විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව ඊයේ (04) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා.

ඒ අනුව මෙම සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙම කොමිසම විසින් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව අද දිනයේදී P,Q,R,S,T,U,V,W යන කලාපවලට පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති බවටයි ඊයේ නිවේදනය කළේ.

ඒ උදෑසන 8.30සිට පස්වරු 5.30 අතර කාලය තුළ පැය 3ක කාලයක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා වන කාලය තුළ පැයක් වශයෙන්.

එමෙන්ම E,F යන කලාපවලට පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4ක් වශයෙන් සහ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3ක කාලයක් වශයෙන්.

හෙට (06) දිනයේ පැය 2.30ක කාලයක් උදෑසන 9 සිට සවස 4.30 දක්වා කාලය අතර විදුලි කප්පාදුවක් සිදුවන්නේ A,B,C යන කලාප තුනට පමණයි.

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන කාලසටහන මෙතැනින්

  1. රටේ හැමතැනටම එක විදියට සලකපියව් සමහර පැති වලට කරන්ට් කපන්නෙම නෑනෙ. ආයෝජන කලාප හරි ගාමන්ට හරි මොනව හරි තියෙනවානම් ඒකට විතරක් කරන්ට් එක දීල අනිත් තැන් වලට කරන්ට් එක කපන්න පුලුවන්නෙ. යකෝ අපිට පැය 7ක් විදුලිය කපනවනෙ ඇයි අපි කලුද? අපිට පැය 7ක් කපනවනම් මිරිහානටත් පැය 7ක් කපන්න ඕනෙ. රටට කෙලවපු උන්ට විතරක් ලයිට් කපන්නෙ නෑ අහින්සක අපිට විතරක් කරන්ට් එක කපනව

  2. මිරිහානට කැපුවොත් විතරයි කරන්ට් කපන එකේ තියෙන දුක මහ උන්ටත් දැනෙන්නෙ එහෙම උනොත් විතරයි ඒකට සහනයක් මිනිස්සුන්ට හම්බෙන්නෙ. ඔය මිරිහානෙ ඉන්න උන් හිතන් ඇත්තෙ රටට ලයිට් කපන්නෙ නෑ කියල වෙන්න ඕනෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14