spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලියේ අනාගතය ගැන සුබ පණිවුඩයක්

2023 වසරේදී ලෝකයේ විදුලිය නිෂ්පාදනයට පොසිල ඉන්ධන භාවිත කිරීම අඩුවනු ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ මෙය පෘථිවියේ යහපැවැත්මට හිතකර තත්ත්වයක් මෙන්ම බලශක්ති උත්පාදනයේද හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.

ඒ අනුව විදුලිය උත්පාදනයට ගල් අගුරු, ගෑස් සහ ඉන්ධන භාවිතය අඩුවනු ඇති.

විදුලි උත්පාදනයට පොසිල ඉන්ධන භාවිත කිරීම වාර්ෂිකව පහත වැටෙන පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

කිසිවෙකුත් අපේක්‍ෂා නොකළ මට්ටමට මෙවැනි තත්ත්වයක් වාර්තා වීමට හේතු වී ඇත්තේ පුනර්ජනනීය විදුලි උත්පාදනයයි.

මේ වනවිට ගෝලීය විදුලි අවශ්‍යතාවෙන් සියයට 12 ක් සම්පූර්ණ කරන්නේ සුළං සහ සූර්ය බලයයි.

විදුලි ඉල්ලුම වැඩිවීම සපුරාලීමට මේ වසරේදී පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රයට හැකිවනු ඇති බව විද්‍යාඥයින්ගේ අදහසයි.

ගෝලීය විදුලි ඉල්ලුමෙන් සියයට 93ක් නියෝජනය කරනව රටවල දත්ත ඇසුරෙන් ලෝකප්‍රකට පුනර්ජනනීය බලශක්ති විශ්ලේෂණ ආයතනයක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබෙනවා.

එම අධ්‍යයනයට අනුව සූර්ය බලශක්තියේ වර්ධනය සියයට 24 ක්. එය දකුණු අප්‍රිකාව තරම් විශාල රටක වාර්ෂික විදුලි ඉල්ලුම පවා සපුරාලීමට ප්‍රමාණවත්. න්‍යෂ්ටික සහ ජල විදුලි උත්පාදනය සියයට 39කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් විදුලි උත්පාදනයට ගල් අඟුරු භාවිතය තවමත් ඉහළ අගයක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාක කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?