විද්‍යා ඝාතන සිද්ධියට අදාළ නඩුවට අධිකරණයෙන් අද දුන් නියෝගය

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හත් දෙනෙකු තමන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා ඔක්තෝම්බර් මස 06 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

මෙම අභියාචනා පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ අභියාචනා ඔක්තෝබර් මස 06 වන දා විභාගයට ගැනීමට දින නියම කළා.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින අදාළ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ “ස්වීස් කුමාර්” ඇතුළු විත්තිකරුවන් අධිකරණයට දැඩි ආරක්ෂාව මැද බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙනවිත් තිබුණා.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත් වූ යාපනය මහාධකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළා.

එම දඬුවම නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමිනි එම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා මගින් ඉල්ලා තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42