විචාරකයින්ගේ අනතුරු ඇඟවීමක් සමඟ නව වසර ජයග්‍රාහීව අරඹන්න ශ්‍රී ලංකා පිල අද මුම්බායි පිටියට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරඟාවලිය අද පස්වරු 7ට මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය නිත්‍ය විස්සයි 20 නායක රෝහිත් ෂර්මා පසුගිය මාසයේ බංග්ලාදේශයේ පැවති එක්දින තරඟාවලියේදී ඇති වූ මාපටැඟිල්ලේ ආබාධයෙන් කණ්ඩායමෙන් ඉවතට ගොස් සිටින අතර, තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාරගෙන තිබෙනවා

හර්දික් මංගල තරඟ වාරයේදීම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අයිපීඑල් ශූරතාව දිනා දීමට මුල්වූ නායකයා වූ හෙයින් ඔහුගේ නායකත්වය පිළිබඳ අඩු තක්ෂේරුවකින් බැලිය නොහැක.

මෙවර විස්සයි 20 තරඟාවලියේදී සුපිරි පිතිකරු විරාත් කෝලි හා කේ. එල්. රාහුල් විවේක ගන්වා ඇති අතර ගෙවී ගිය වසරේදී ශතක දෙකක් සමඟ තරග 31 කදී ලකුණු 1164 ක් රැස්කරමින් විස්සයි 20 ආකෘතියේ ඉහළම ලකුණු ලාභියා වූ සූර්යකුමාර් යාදව් උප නායකයා ලෙස පත් කර තිබේ.

යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම කිසිසේත්ම ශ්‍රී ලංකා පිල සැහැල්ලුවට ගැනීම වරදක් වනු ඇතැයි හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයින් හා ක්‍රිකට් විචාරකයින් මේ වන විටත් අනතුරු ඇඟවිමක්ද කර තිබෙනවා.

මුල්පෙළේ පිතිකරු රුතුරාජ් ගයික්වාඩ්, තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නැති තුන් ඉරියව් ක්‍රීඩක රාහුල් ත්‍රිපාතී හා කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් වැනි ක්‍රීඩකයන් ට තම දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවසන් වරට විස්සයි 20 තරගයකදී හමු වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් 6දා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී වන අතර, එහිදී ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයක් අත්කර ගැනිමට සමත් විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විස්සයි 20 තරග 26ක් පවත්වා ඇති අතර එයින් 17ක් ඉන්දියාව ජයගෙන ඇති අතර, තරග 8ක් ශ්‍රී ලංකාව ජය වාර්තා කිරිමට සමත් විය. එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ මෙම විස්සයි 20 තරගාවලියේදී ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබලතම තර්ජනයක් වනු ඇතැයි අනාවැකි පළ වී ඇත

ගෙවී ගිය වසරේදී විස්සයි 20 අන්තර්ජාතික තරගවලදී කඩුලු 34ක් දවා ගනිමින් ලොව තෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ වනිදු හසරංග විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ තරග අටකදී කඩුලු 15ක් දවා ගෙන ප්‍රමුඛතම කඩුලු ලාභියා වුවා.

පසුගියදා නිමාවට පත් වූ එල්පීඑල් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම අවසන් තරගයේ වීරයා බවට පත් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ තරඟාවලියේ වීරයා වූ සධීර සමරවික්‍රම කැඳවා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ලෝක කුසලානයෙන් පසු ස්ථානය අහිමි වූ චාමික කරුණාරත්න යළි එක්ව සිටින අතර සෑම අංශයකින්ම දස්කම් දක්වන යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට ද අවස්ථාව හිමිව ඇත.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය: දසුන් ශානක (නායක), වනිඳු හසරංග (උප නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුෂංක, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු කුමාර, නුවන් තුෂාර

ඉන්දීය විස්සයි 20 සංචිතය: හර්දික් පාණ්ඩ්‍යා (නායක), සූර්යකුමාර් යාදව් (උප නායක), රුතුරාජ් ගයික්වාඩ්, රාහුල් ත්‍රිපාතී, සුබ්මාන් ගිල්, දීපාක් හූදා, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්,වොෂින්ටන් සුන්දර්, යුෂ්වේනද්‍ර චාහල්, අක්ෂා පටෙල්, අර්ෂදීප් සිං, හර්ෂල් පටෙල්, උම්රාන් මලික්, ශිවම් මාවි, මුකේෂ් කුමාර්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27