වැසී තිබෙන සහ වැසීයාමට ආසන්න රෝහල් ගැන සෞඛ්‍ය ඇමතිගේ අවදානය

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා.

මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත්, 100 කට ආසන්න රෝහල් ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්ත්වයේ ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

මේ පිළිබදව විශේෂ අවධානය යොමු කළ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ද, එම කමිටුවේ සාමාජිකයන් බවට පත් කරමින් විශේෂ කමිටුවක් පත් කර මෙම රෝහල් සදහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම කඩිනමින් සිදු කර රෝගී ප්‍රතිකාර සේවාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

වෛද්‍යවරුන් නොමැතිව මේ වන විට වැසී තිබෙන හා වැසී ‍යාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් උතුරු පළාතේ දිස්ත්‍රික්ක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල බව අනාවරණය කර ගෙන තිබෙනවා.

වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර යාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද මෙහිදී අනාවරණය වුණා.

දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටලුවලට විසදුම් සෙවීම සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සම්බන්ධ වෘත්තීය සමිති සමඟ නිරන්තරව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණට ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාදය ද මෙහිදී පළ කළා.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, වෛද්‍යවරුන්ගේ පුහුණුවීම්, සේවා අවශ්‍යතාවය මත වෛද්‍යවරු රෝහල් වෙත අනුයුක්ත කිරීම්, වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ මාරුවීම් පිළිබදව ද සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?