spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල (බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් හෙට දින සිට, ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

වයඹපළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?