ඉන්දියාවේ මුම්බායි සිට බැංගලෝර් දක්වා ගමන්කළ ස්පයිස් ජෙට් ගුවන්යානය වැසිකිළියක් තුළ සිය ගමනාන්තය දක්වා ගමන්කළ මගියෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යානය ගුවන්ගත කිරීමෙන් අනතුරුව අදාළ ගුවන් මගියා වැසිකිළිය වෙත ගොස් ඇති අතර එහිදී එහි දොරෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය අගුලුවැටී ඇතිබව වාර්තාවෙයි.අනතුරුව මගියා එතැන් සිට ගුවන්යානය බැංගලෝර් වෙත ගොඩබැස්වීම දක්වා එහි සිරවී සිට ඇත.
එම අවස්ථාවේදී ඔහුට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ගුවන් කාර්යමණ්ඩලය මගියා සම්බන්ධයෙන් අධීක්ෂණයෙන් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .පසුව ගුවන්යානය බැංගලෝර් වෙත ගොඩබැස්වීමෙන් අනතුරුව එහි පැමිණ ඉංජිනේරුවෙකු විසින් අගුලු වැටී තිබූ දොර විවෘත කර එම මගියා මුදාගෙන ඇති අතර අනතුරුව කඩිනමින් ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදී තිබෙනවා














