වැස්සට සේදුණු චෙන්නායි ඉනිම යළි ඇරඹීම තව ස්වල්ප වේලාවකින්

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට අද දිනයේත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

වර්ෂාව නිමාවත්ම තරගය යළි ආරම්භ කිරීම සදහා මේ වන විට ක්‍රීඩාංගණය සහාය කාර්‍යමණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි ඉන්දියාවේ අහමදාබාද් නුවරින් වාර්තා වන්නේ.

තරගය මධ්‍යම ‍රාත්‍රී 12.10 ආරම්භ වීමට නියමිත අතර, ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 15ක් තුළ ලකුණු 171 ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ චෙන්නායි පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එම ඉනිමේ යවීමට හැකි වූයේ පන්දු තුනක් පමණයි.

අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 214ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.