AFC Banner
Empty Ad
Empty Ad

වැලි වළකට වැටී හත් හැවිරිදි දරුවෙක් මරු තුරුලට ගිහින්

පිටිගල පොලිස් වසමේ පොරවගම, නාරංඕවිට ප්‍රදේශයේ වැලි වළකට වැටීමෙන් අවුරුදු 07ක පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවා ඊයේ (21) හවස මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම දරුවා සිය පියා සමඟ ඊයේ (21) සවස වැලි කැනීම් සිදුකරන ස්ථානයට ගොස් ඇති අතර, පසුව පියා විසින් දරුවාව යළි නිවසට ඒවා තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා යළි නිවසට නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේ දී දරුවා වැලි වළක වැටී සිටිය දී හමුවී ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව දරුවා වහාම ඉන් ගොඩටගෙන ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධව පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?