වැලිවිට දයානන්ද පිච්චිලා මැරුණද? පුච්චලා මැරුවද?

පසුගිය දහවැනි දිනට හිරු උදාවී හෝරා කිහිපයි ගතවුණේ. අබිරහස් ලෙස පිලිස්සුණු මළ සිරුරක් හංවැල්ල කැලණි ගඟට මායිම්ව පිහිටා ඇති රජයේ තනායමේ ගල් බංකුව මත තිබෙන බවට රාවයක් පැතිර යන්න වුණා. මේ සිදුවීමට මුහුණ දුන්නේ හංවැල්ල රජයේ තානායමේ පිටුපස පිහිටා ඇති රජ පුටුවක යැයි කියන පුටුවක වාඩි වී සිටි පුද්ගලයෙකුයි. මේ පුද්ගලයා තම සිරුරට ගිනිතබා ගත්තාද, එසේත් නැතිනම් කිසියම් පුද්ගලයකු ඔහුට ගිනි තිබ්බාද යන්න පිළිබඳ සැක මතුවෙන්නට පටන්ගත්තා. කෙසේ වෙතත් මෙම සිදුවීමේ සත්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලන්නට කටයුතු කළා.

ඒ අනුව අපි මුලින්ම කතා කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හංවැල්ල පොලිස්සියටයි. එහිදී ඔවුන් පවසා සිටියේ අදාළ මළ සිරුර අවිස්සාවේල්ල රෝහලේමෘත ශරිරාගාරය වෙත රැගෙන ගොස් ඇති බවත්, අධිකරණ වෛi නිලධාරිවරයාගේ වාර්තාව ලබාගැනීමට නියමිත බවයි.

ඒ අතර සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබෙන රජ පුටුවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයන්නටත් අපි උත්සාහ කළා.

හංවැල්ල තානායම පිටුපස සිමෙන්තියෙන් සාදා නිමකළ පුටු දෙකක් තිබෙනවා. මෙරට ආක්‍රමණය කළ පෘතුගීසි, ලන්දේසි, සහ ඉංග්‍රීසින් සිය පාලන කාලයේදී හංවැල්ල තානායම බලකොටුවක් වශයෙන් පාවිච්චි කළ බව පුරාවිiාඥයන්ගෙ මතයවී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදි ඔහු කියා සිටියේ කැලණි ගඟ දිය අගලක් වශයෙන් උස්ව පිහිටා තිබූ නිසා මෙම ප්‍රදේශය ආරක්ෂක ස්ථානයක් ලෙස මොවුන් තෝරාගන්නට ඇති බවයි. මෙම දිය අගල වියළී ගොස් ඇති ආකාරය අද එහි යන කෙනකුට දැකගන්නට පුළු‍වන්. තානායමට ඒ ඔස්සේ සෑම ස්ථානයකටම ළඟාවිය හැකි ආරක්ෂිත සන්ධිස්ථානයක් වී තිබුණා. ඪෂෂ වැනි වේල්ස් එඩ්වඩ් රජතුමා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21ක සංචාරය කරන අතරතුර 1875 දී මෙරටට පැමිණියා. ඔහු කොළඹට පැමිණි අවස්ථාවේ මෙම ස්ථානයටද පැමිණ තිබෙනවා. ඔහු නැවත එංගලන්තයට යන්නට පෙර මේ සිමෙන්ති පුටු දෙක තනා ඇති ස්ථානය ආසන්නයේ කොස් පැළයක් සිටුවා ඇති බවත් පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
මේ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති බවත් සඳහන්. මේ රජ පුටුව ලෙස හඳුන්වන පුටු අධිරාජ්‍යවාදී යුග තුනෙහි ආරක්ෂකයන් පාවිච්චි කරන්නට ඇතැයි පුරාවිද්‍යඥයන් සැක පල කරනවා.

සිද්ධියට මුහුණපෑ අදාළ පුද්ගලයා හංවැල්ල තානායමේ නවාතැන් ගෙන සිටි කාමරයට මීටර තුනක දුරකින් තමයි මේ කියන රජ පුටු පිහිටා තිබෙන්නේ.

පසුගිය නවවැනිදා රාත්‍රියේ ඔහු එම හෝටලයට ගියේ අත්භූත බලවේගයක් නිසාද යන්නත් සැකයට භාජනය වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම පුද්ගලයා පිළිබඳ හංවැල්ල පොලිසිය තොරතුරු සොයාගෙන තිබුණා.

පොලිසිය පවසන අන්දමට මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ශාලාවේ පදිංචිව සිටි වැලිවිට ගොඩගේ දයානන්ද නමැති හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයෙක්. ඔහු සිවුදරු පියෙක්, කලක් මොහු සංචාරක මඟ පෙන්වන්නකු ලෙසද කටයුතු කර තිබෙනවා. එසේම ඔහු මුදල් හදල් යහමින් තිබූ අයකු බවද අනාවරණ වී තිබෙනවා. ඔහු පසුගිය නවවැනිදා උදෑසන කොට්ටාව ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගිහින් පෞද්ගලික බැංකුවකින් රුපියල් දසදහසක් ලබාගෙන සවස දෙකට නැවත ත්‍රිරෝද රථයකට නැඟ ගොඩගම හන්දියට ගොස් දහවල් ආහාර ගෙන තිබුණා. නැවතත් ත්‍රිරෝද රථයක නැග හංවැල්ලට ගොස් තිබෙනවා. මේ පුද්ගලයා ත්‍රිරෝද රථ රියැදුරුට පවසා තිබුණේ විදේශයකින් පිරිසක් හෙට දිනයේ ලංකාවට පැමිණෙන බවත් ඔවුන් පැමිණෙන තුරු නවාතැන් ගැනීමට ස්ථානයක් සොයාදෙන ලෙසයි. ඒ අනුව ත්‍රිරෝද රථ රියැදුරා හංවැල්ල තානායමේ කාමරයක් ලබා ගැනීමට ඔහුට උදව් කර තිබුණා. එදා රාත්‍රියේ ඔහු මෙම රියැදුරා සමග මත්පැන් පානය කර තිබුණත් රියැදුරා රාත්‍රියේ ඉවත්ව ගොස් තිබෙනවා. තානායමේ සේවකයෙක්ද අලු‍යම වනතුරු තානායමේ සේවයේ නිරතව සිට තිබෙනවා. මේ සිද්ධිය සිදුව ඇත්තේ මේ සේවකයා නින්දට ගිය පසුව බවද අනාවරණ වී තිබෙනවා. තානායමේ සේවකයන් මෙම පිලිස්සුණු මළ සිරුර දැක ඇත්තේ උදෑසන 6.45ට පමණය.

අනතුරුව පොලිසිය පැමිණ සිදුකළ විමර්ශනවලදී මියගිය පුද්ගලයාගේ සිරුර සමීපයේ තිබී පිලිස්සී ගිය මත්පැන් බෝතලයක්, ප්ලාස්ටික් බඳුනක් සහ ගිනිපෙට්ටියක්ද හමුවී තිබුණා.

සිද්ධිය සම්බන්ධව ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනකුගෙන් සහ හංවැල්ල තානායමේ සේවකයන් කිහිප දෙනකුගෙන්ද ප්‍රශ්න කර සටහන් අරගත් බව හංවැල්ල පොලිසිය සඳහන් කළා.

අවිස්සාවේල්ල වෛද්‍ය අධිකරණ කාර්යාලයේදී පසුගිය 13 වැනි බදාදා වැඩබලන මහේස්ත්‍රාත්වරයා මරණය පරීක්ෂණය පවත්වා තීන්දු කර තිබුණේ මෙය සිරුරට ගිනිතබා ගැනීමෙන් සිදුවූ මරණයක් බවටයි. ඒ අවස්ථාවේම ලේ කැටියක්ද සිරවී ඇති බවත් සඳහන් කර තිබුණා. සැක සහිත කිසිවක් හමු නොවූ බවත් මේ සම්බන්ධව හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධ පරික්ෂණ මෙහෙයවනු ලැබුවා.

නිලන්ති රේණුකා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50