AFC Banner
AFC Banner
Empty Ad

වැලිගම වෙඩි තැබීමක් – දෙදෙනෙක් රෝහලේ

වැලිගම පොලිස් වසමේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පිහිටි මත්ස්‍ය වෙළෙඳසැලක් අසල ඊයේ (15) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වැඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ දෙණිපිටිය සහ වැලිපිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 42 සහ 52 යන වයස්වල පසුවන දෙදෙනෙක්.

වෙඩි තැබීම සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?