වැලිකන්ද පොලිස් OIC ගේ දේපොළ තහනම්

වැලිකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපොළ තහනම් කර තිබෙනවා.

අද (25) මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළ ව වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී, ඔහු අධිකරණය මගහරිමින් සිටීම හේතුවෙනුයි අදාළ නියෝගය නිකුත් ව ඇත්තේ.