වැලිකඩින් පැන්න රැඳවියෙක් බන්ධනාගාර නිලධාරීන් සමඟ පොරබැදීමෙන් පසු මරුට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් බන්ධනාගාර නිලධාරීන් සමඟ ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙම රැඳවියා ඊයේ (03) රාත්‍රියේ මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් සඳහන් කළේ.

මෙම රැඳවියා ඊයේ (03 පස්වරුවේ බන්ධනාගාර එළිමහනේ පවිත්‍රතා කටයුතුවලට යොදවා ඇති අතර, එම අවස්ථාවේ දී තවත් රැඳවියෙක් සමඟ බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ මෙහයුමකින් අනතුරව පැය කිහිපයකට පසු ඔවුන් දෙදෙනා අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ මියගිය රැඳවියා සහ බන්ධනාගාර නිලධාරීන් අතර පොරබැදීමක් සිදුව ඇති අතර, ඉන් අනතුරුව එම රැඳවියා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව එම රැඳවියා රාත්‍රී 8.37ට පමණ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කර සිටියා.

මෙලෙස මියගොස් ඇති රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවකට අච්චු විඳිමින් සිටි වයස අවුරුදු 40ක බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මේ අතර ඊයේ (03) ගාල්ල බන්ධනාගාරයෙන් පැන පලායාමට උත්සාහ කළ රැඳවියන් දෙදෙනෙකුට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

එම අවස්ථාවේ එක් රැඳවිකුට වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමටයි පියවර ගෙන තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40