මෙවර වැලන්ටයින් දිනය සමූහ වශයෙන් එක්වී සමරන්නට ගොස් වැලන්ටයින් කොරන්ටයින් කර නොගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මව්රටට ප්‍රකාශ කළේ එලෙස කටයුතු කරන්නන් කෙරෙහි අවධානයෙන් සිටින ලෙස සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවය.
වැලන්ටයින් දිනය වෙනුවෙන් කිසියම් සාදයක් පවත්වන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ අවසර ලබා ගත යුතු බවද සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ අවසර නොගන්නා පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇති බවද ප්‍රකාශ කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1