වැඩබලන පොලිස්පතිවරයා හදිසියේ ම කළ ‘ස්ථාන මාරුවීම්’ රිවර්ස් එකෙන් පොලිස් නිලධාරීහු රැසක් කබළෙන් ළිපට වැටෙති

දිවයිනේ ඇති සියලු ම පොලිස් ස්ථානවල රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය අතිවිශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ඊයේ (24) දිනයේ දී දිවයිනේ සෑම පොලිස් ස්ථානයක් වෙත ම එවා ඇත්තේ; වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුවයි.

එහි දැක්වෙන්නේ මෙම වසරේ ඔක්තෝබර් මස 01 වැනි දින දු.ක.ප (දුරකථන පණිවිඩ) අංක 02,03,04,05, 06 හා 2024 වර්ෂයේ නොවැම්බර් මස 11 වැනි දින දු.ක.ප (දුරකථන පණිවිඩ) 18,19,20 අනුව 2025 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ ”වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝගය” ක්‍රියාත්මක කළ යුතු දිනය මාස සයකින් කල් දමා ඇති බවයි.

ඒ අනුව එම නියෝගය ප්‍රකාරව නව වසරේ (2025) වාර්ෂික ස්ථාන මාරුවීම් ලැබීමට ඉල්ලුම් කර ඇති සහ එය අනුමත වූ පොලිස් නිලධාරීන්ට ජුනි මස 30 වැනි දින තෙක් මෙම දීර්ඝ කිරීම හේතුවෙන් ස්ථාන මාරුවීම් සිදු කරගැනීමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ.

නමුත් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල සිය පෞද්ගලික අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලැබේ යැයි අපේක්ෂාවෙන් සිටි පොලිස් නිලධාරීන් රැසක් මෙම තීන්දුවත් සමග දැඩි ලෙස අගතියට පත් ව සිටින බවට විශ්වාසවන්ත පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරනවා.

මෙම ස්ථාන මාරුවීම් සිදු වන්නේ; උදාහරණයක් ලෙස යම් පොලිස් නිලධාරියෙකු බස්නාහිර පළාත තුළ දුර පළාතක සිට සේවය කිරීම වස් අනුයුක්ත කරනුයේ දෙවසරක පමණ කාලයකටයි.

ඒ හදිසි අවශ්‍යතා මත හෝ පොලිසියේ එම පොලිස් ස්ථානවල ඇති පුරප්පාඩු මතයි.

එලෙස දුර පළාත්වලින් තවත් පළාතකට පැමිණෙන පොලිස් නිලධාරීන් හුදෙක් ‘දෙවසරක’ පමණ කාලයකට අදාළ පොලිස් ස්ථානවල සේවා කටයුතු සිදු කරනවා.

ඒ වසර දෙක අවසාන වීමට නියමිත ව තිබියදී ඔවුන් හට තමන් කැමති පොලිස් කොට්ඨාස 03කට ’51 පෝරමය’ හරහා පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හරහා ඉල්ලීම් ලිපි යොමු කිරීම මගින්.

මෙලෙස දෙවසරක පමණක් වන කාලයකට දුර බැහැර පොලිස් වසම්වලට ස්ථාන මාරුවීම් එන පොලිස් නිලධාරීන් සිය සේවා ලිපිය රැගෙන එන්නේ ද; ‘ දෙවසරක කාලයකට පමණි’ යනුවෙන් සඳහන් කළ පොලිස්පතිවරයාගේ අත්සනින් යුතු ලිපි සමගයි.

නමුත් ඊයේ දින පොලිස් ස්ථාන වෙත ලැබුණු 2025 ස්ථාන මාරුවීම් දීර්ඝ කිරීමේ ලිපිය මගින් සිදු ව ඇත්තේ දෙවසරක පමණක් වන කාලයකට ස්ථාන මාරුවීම් ලබා දුර බැහැර පොලිස් ස්ථාන වෙත සේවා කටයුතු පිණිස පැමිණි පොලිස් නිලධාරීන්ට තම සේවා කාලය අවසන් කර තමන්ට කැමති පොලිස් කොට්ඨාසයකට ස්ථාන මාරුවීම් ලබාදීමට ගෙන තිබූ තීන්දුව කිසිදු හේතුවක් නොදන්වා වත්මන් වැඩබලන පොලිස්පතිවරයා විසින් දීර්ඝ කරනු ලැබීමයි.

මේ හේතුවෙන් එළඹෙන නව වසරේ සිට විවිධ පෞද්ගලික අත්‍යවශ්‍යතා ඉටු කරගැනීම වෙනුවෙන් ස්ථාන මාරුවීම් ලැබෙතැ’යි අපේක්ෂාවෙන් සිටි පොලිස් නිලධාරීන්ට මේ වනවිට (25) අත් ව ඇත්තේ; ‘වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ’ යැයි යන සිදුවීමක්.

මෙලෙස අගතියට පත් වූ පොලිස් නිලධාරීන් පවසන්නේ; මෙම තීන්දුව කුමන හේතුවක් මත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ගෙන ඇති දැයි යන්න හෝ අඩුම එවූ ලිපියෙහි සඳහන් ව නොමැති බවයි.

රට තුළ අර්බුදකාරී තත්ත්වයක් හෝ සාමයට තර්ජනයක් මත හෝ මෙම තීන්දුව ගෙන ඇති දැයි යන්න හෝ එසේ නැත්නම් මෙය කුමන හේතුවක් මත ස්ථාන මාරුවීම් දිනය දීර්ඝ කළා දැයි යන්න තමන් නොදන්නා බව ද අගතියට පත් පොලිස් නිලධාරීන් පවසනවා.

කෙසේවෙතත් ගැටලුව වී ඇත්තේ ‘දෙවසරක කාලයකට පමණක් රාජකාරි කටයුතු සඳහා දුර බැහැර පළාත්වලට ස්ථාන මාරුවීම් සිදු කර; එය වසර දෙකක් තුළ තමන් කැමති පොලිස් වසමකට යාමේ ඉල්ලීම සිදු කිරීමට හැකි පසුබිමක සහ එකී ඉල්ලීම් අදාළ අවශ්‍යතාව ඇති පොලිස් නිලධාරීන් සියල්ල ම නිසි නෛතික ක්‍රියාවලිය මත සිදු කර සිය ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් සිටි අවස්ථාවක දී වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙවැනි හදිසි තීරණයක් කුමන හේතුවක් මත ගත්තේ දැයි දන්වා නොතිබීමත්; එය ක්‍රියාත්මක කළ යුතු බවට නියෝග කර තිබීමත් වේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්මයාණනි; මේ ඔබේ අවධානය පිණිසයි…!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59