වැඩබලන නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ දිවුරුම් දෙයි

වැඩබලන නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතා අද (01) පෙරවරුවේ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදා අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩුව පැවතියා.